Friday 19th of June 2026

English Tamil
Advertiesment


ඇෆ්ගනිස්තානයේ 6 හැවිරිදි දැරියක 45 හැවිරිදි පුද්ගලයෙකුට විවාහ කරදෙයි


2025-07-11 14884

 

ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඩ් පළාතේදී 6 හැවිරිදි දැරියක, 45 හැවිරිදි පුද්ගලයෙකු සමඟ විවාහ කර දී ඇත.

 

එරට බාල වයස්කාර විවාහ 25% කින් සහ නව යොවුන් වියේ ගැබ්ගැනීම් 45% කින් ඉහළ ගිහින් 

 

ඇෆ්ගනිස්තානය ලෝකයේ වැඩිම බාල වයස්කාර මනාලියන් සිටින රටක්

 

"මගේ දුව ඉතා කුඩායි, නමුත් නිවසේ කෑමට කිසිවක් නොතිබූ නිසා ඉතිරිව තිබුණේ එම මාර්ගය පමණයි,"

 

ඇමරිකාව පදනම් කරගත් ඇෆ්ගන් මාධ්‍ය ආයතනයක් වන Amu.tv වාර්තා කරන පරිදි, මෙම විවාහයේ ඡායාරූප à¶´à·Š‍රසිද්ධ වීමෙන් පසු තලෙයිබාන් නිලධාරීන් පවා කම්පනයට à¶´à¶­à·Šà·€ ඇති බවත්, ඔවුන් එම දැරියව ඇගේ සැමියාගේ නිවසට රැගෙන යාම වළක්වා තිබෙන බවත්ය.

කෙසේ නමුත්, ඇයට වයස අවුරුදු 9à¶šà·Š සම්පූර්ණ වූ පසු ඇයව සැමියාගේ නිවසට යැවිය හැකි බවට තලෙයිබාන් නිලධාරීන් à¶´à·Š‍රකාශ à¶šà¶» ඇත. දැරියගේ පවුලට මුදල් ලබා දී මනාලයා විසින් මෙම විවාහය සිදුකරගෙන ඇති à¶…à¶­à¶», එය හෙල්මන්ඩ් à·„à·’ මර්ජා දිස්ත්‍රික්කයේදී සිදුවී à¶­à·’à¶¶à·š.

මෙම සිදුවීමෙන් පසු පොලීසිය විසින් දැරියගේ පියා සහ මනාලයා අත්අඩංගුවට ගෙන ඇතත්, මෙතෙක් ඔවුන් කිසිවෙකුට එරෙහිව අපරාධමය නඩු පවරා නොමැත. "හෂ්ත්-ඒ-සුබා ඩේලි" පුවත්පතට අනුව, මෙම මනාලයාට ඒ වන විටත් බිරියන් දෙදෙනෙකු සිට ඇත.

2021 වසරේදී තලෙයිබාන් පාලනය නැවත බලයට පත්වීමෙන් අනතුරුව, එරට බාල වයස්කාර විවාහ සිදුවීම් ඉහළ ගොස් ඇතිවා පමණක් නොව, à¶’ සඳහා සමාජීය එකඟතාවක් ද ගොඩනැගෙමින් පවතී. ගැහැනු දරුවන්ගේ à¶…à¶°à·Š‍යාපනයට සහ රැකියා සඳහා සීමා පැනවීම හේතුවෙන් බොහෝ පවුල් තම දියණියන් බරක් ලෙස සලකා ඔවුන්ව කඩිනමින් විවාහ à¶šà¶» දීමට පෙළඹී ඇත.

එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයේ (UN Women) වාර්තාවකට අනුව, තලෙයිබාන් පාලනයේ කාන්තා විරෝධී නීති හේතුවෙන් එරට බාල වයස්කාර විවාහ 25% කින් සහ නව යොවුන් වියේ ගැබ්ගැනීම් 45% කින් ඉහළ ගොස් තිබේ. යුනිසෙෆ් සංවිධානයට අනුව, ඇෆ්ගනිස්තානය ලෝකයේ වැඩිම බාල වයස්කාර මනාලියන් සිටින රටක් බවට පත්වෙමින් තිබේ.

ඇෆ්ගන් සමාජයේ පවතින ඇතැම් සම්ප්‍රදායන් සහ කුප්‍රකට සිරිත් විරිත් ද මෙයට à·„à·šà¶­à·” වී ඇත. බොහෝ විට ගැහැනු දරුවන් කුඩා කලදීම 'නම් තැබීමේ' චාරිත්‍රය යටතේ ඥාතියෙකුට විවාහ ගිවිස දෙනු ලබන à¶…à¶­à¶», එය පවුලේ දේපළක් ලෙස සැලකේ. බොහෝ à¶´à·Š‍රදේශවල 'වල්වර්' නමින් හැඳින්වෙන දෑවැද්දක් ලෙස මුදල් ලබාගෙන ගැහැනු දරුවන්ගේ විවාහය තීරණය වේ.

උරුස්ගාන් පළාතේ කාන්තාවක් 'දි ඇෆ්ගන් ටයිම්ස්' පුවත්පතට පවසා තිබුණේ, තම 14 හැවිරිදි දියණිය ඇෆ්ගානි ලක්ෂ 3ක මුදලකට 27 හැවිරිදි පුද්ගලයෙකුට විවාහ කර දුන් බවයි. "මගේ දුව ඉතා කුඩායි, නමුත් නිවසේ කෑමට කිසිවක් නොතිබූ නිසා ඉතිරිව තිබුණේ එම මාර්ගය පමණයි," ඇය සඳහන් කළාය.

තවද, ඇෆ්ගන් සමාජයේ පවතින 'බාද්' නම් à¶šà·Š‍රමය යටතේ, පලිගැනීමේ ගැටුම් විසඳීම සඳහා ගැහැනු දරුවන් සතුරු පවුල් වෙත භාර දෙනු ලැබේ. එලෙස භාර දීමෙන් පසු එම දැරිය, තම සැමියාගේ පවුලේ ගෞරවය ('නමූස්') බවට පත්වේ.

Advertiesment